මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් - 23ක් මරුට

Myanmar Death Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 12, 2025 01:55 AM GMT
Hashini

Hashini

Report

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක් පමණ වයඹ දෙසින් පිහිටි සගායිං නගරයේ ලින් ටා ලූ ගම්මානයේ පිහිටි ආරමයකටයි.

ගුවන් ප්‍රහාරයට එල්ලවන විට මෙම ආරාමයේ 150කට වැඩි පිරිසක් නවාතැන් ගෙන සිට ඇති අතර, ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව වාර්තා වනවා.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ පෙරේදා (10) අලුයම 1ට පමණ වුවත්, එය විදෙස් මාධ්‍යවෙත අනාවරණය වී ඇත්තේ අද (12) දිනයේය.

සගායිං ප්‍රදේශය සැලකෙන්නේ මියන්මාරයේ වත්මන් පාලනය දරන හමුදා රජයට එරෙහිව සටන්කරන ප්‍රධාන බලකොටුවක් ලෙසයි.

කැරළි කණ්ඩායමක සාමාජිකයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඒ හේතුවෙන් එරට හමුදාවට එරෙහිව සගායිං හි ප්‍රදේශීය කණ්ඩායම් සටන්වදින අතර, ඊට ප්‍රතිචාර ලෙස හමුදා ජෙට් යානයක් මෙම ආරාම ගොඩනැගිල්ලකට බෝම්බයක් හෙළූ බවයි. 

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ReeCha