පාස්කු ප්‍රහාරය සම්බන්ධව ආරක්ෂක අංශයේ හිටපු ලොක්කෝ දෙන්නෙක් යළි ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි..

Report

 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවට අදාළ විත්ති වාචකය කැඳවීමට පියවර ගන්නා ලෙස නියෝගය කර තිබෙනවා.

ජෝනිගේ බී.එම්.ඩබ්ලිව් එක ගැන ඇහෙන අලුත්ම කතාව..

ජෝනිගේ බී.එම්.ඩබ්ලිව් එක ගැන ඇහෙන අලුත්ම කතාව..

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම,මිනීමැරුම ඇතුළු චෝදනා එල්ල වී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයට අනුවයි.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනා පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණයට එළඹ තිබෙනවා.

ධවල මන්දිරයේ බලය ට්‍රම්ප්ටද කමලටද. තීරණය අද

ධවල මන්දිරයේ බලය ට්‍රම්ප්ටද කමලටද. තීරණය අද

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා තිබුණා.

එම නඩු විභාග කළ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව එම විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කර තිබුණා.

ලංකාවට ආපු තායි කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට..හේතුව ඇහුවොත් ඔයත් පුදුම වෙයි..

ලංකාවට ආපු තායි කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට..හේතුව ඇහුවොත් ඔයත් පුදුම වෙයි..

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්තිවාචකය කැඳවීය යුතුව තිබූ බවයි.

ඒ අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන බව විනිසුරු වරයා දැනුම්දෙන ලදී.