ගුවන් යානයකින් රැගෙන යමින් සිටි හෙළිකොප්ටරයක් කඩා වැටෙයි.(PHOTOS)
By Aruna
ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් උත්තරාකාන්ද් ප්‍රාන්තයේ Kedarnath සිට Gauchar වෙත ගුවන්ගත කරමින් තිබියදී අද (31) උදෑසන කඩා වැටී තිබෙන බව වාර්තා වනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ, ක්‍රිස්ටල් ඒවියේෂන් සමාගමට අයත් මෙම හෙලිකොප්ටරය ලින්චෝලි ප්‍රදේශයේ මන්දාකිනි ගඟ අසළදී කඩා වැටී ඇති බවයි.
මෙම හෙලිකොප්ටරය කාර්මික දෝෂයක් හේතුවෙන් මැයි 24 වන දින කේදර්නාත් වෙත හදිසි ගොඩබෑමේ සිට භාවිතයට නොගෙන තිබූ අතර අලුත්වැඩියා කිරීම සඳහා MI-17 ගුවන් යානයේ සහාය ඇතිව ගෞචර් ගුවන් පථයට ගෙන යමින් තිබුණු අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
නිලධාරින් පවසන්නේ, අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර MI-17 යානයේ සමතුලිතතාවය නැති වීමට පටන් ගත් නිසා නියමුවාට හෙලිකොප්ටරය බිම හෙළීමට සිදු වූ බවයි.


