ඔයාගේ වාහන රියදුරු බලපත්‍රයත් මෙහෙම ද?. වහාම අවලංගු කිරිමක් ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබෙනවා.
ඒ 2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුනක කාලය තුළ අවලංගු කිරීමටයි.
ඒ අනුව පැරණි රියදුරු බලපත්‍ර සියල්ලම භාවිතයෙන් ඉවත් කිරීම යටතේ, මෙම තීරණය ගත් බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ ය.
එමෙන්ම, පසුගිය කාලයේ මුද්‍රණය කරගත නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර ලක්ෂ තුනක ප්‍රමාණයක් ද ඉදිරි මාස කිහිපය ඇතුළත මුද්‍රණය කර අවසන් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.