මහනුවර – කොළඹ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් දළදා දැක්ම දැකබලා ගැනීමට මහනුවරට පැමිණෙන විශාල වාහන ප්‍රමාණයක් හේතුවෙන් මහනුවර – කොළඹ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
අප වාර්තාකරුවන්ට අනුව, මෙම තදබදය මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වා ආසන්න වශයෙන් කිලෝමීටර 4ක දිගකින් විහිදී ඇත.
මේ නිසා, මහනුවර නගරය හරහා ගමන් ගන්නා වාහනවලට බරපතළ අපහසුතාවයන් ඇතිව තිබේ.
පොලීසිය පවසන්නේ, වෙනත් ප්‍රදේශවලට ගමන් ගන්නා රියදුරන් හැකිතාක් මහනුවර නගරය මගහැර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
‘සිරි දළදා වන්දනාව’ අද (18) පස්වරු 3:30 සිට ආරම්භ වන අතර, පස්වරු 5:30 දක්වා සැදැහැවතුන්ට දළදා වහන්සේ දැකබලා වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිවේ.
ඉන් අනතුරුව, හෙට (19) සිට 27 වැනිදා දක්වා, සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා ‘සිරි දළදා වන්දනාව’ පැවැත්වීමට සැලසුම් කර ඇත.