පාකිස්ථානයට මහා වැසි - 63ක් මරුට
By Hashini
ගතවූ පැය 24 තුල පාකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කළේ ගොඩනැගිලි කඩා වැටීමෙන් සහ දියේ ගිලී හෝ විදුලි සැර වැදීමෙන් මෙම මරණ වාර්තා වී ඇති බවයි.
පසුගිය මස අවසානයේ සිට ආරම්භ වූ මෝසම් වැසි හේතුවෙන් පාකිස්ථානයේ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 180 ක්.