මහ වැසි නිසා මඩකලපුව ජලයෙන් යටවෙයි - ජනතාවට දැඩි බලපෑම්

Report

ඉකුත් දින කිහිපය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයට තද වැසි ඇදහැලෙන අතර අද (19) දින උදෑසන සිට මුහුදු ප්‍රදේශවල තද සුළං හමා යන බව වාර්තා වේ.

ඒ අනුව අධික වර්ෂාව හේතුවෙන් කාත්තන්කුඩි, එතුගාල පූනොච්චිමුනෛ නාවලඩි, කල්ලඩි ඇතුළු බොහෝ ප්‍රදේශවල දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව සඳහන්.

එමෙන්ම සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් - තත්ත්වය භයානකයි අවධානයෙන් ඉන්නැයි නිවේදනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් - තත්ත්වය භයානකයි අවධානයෙන් ඉන්නැයි නිවේදනයක්

කෙසේ වෙතත් මේ අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර මුහුද ඉතා කැළඹිලි සහිත බව වාර්තා වේ.

ඊට අමතරව අඛණ්ඩව පවතින අධික වර්ෂාව නිසා ළමා උද්‍යාන රැසක් ජලයෙන් යටවී ඇති අතර ක්‍රීඩා පිටි රැසක් ද ජලයෙන් යටවී ඇති බව සඳහන්.

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි