ලංකාව ගැන නරක වාර්තාවක් - ආහාර, බලශක්ති, ප්‍රවාහන වියදම් ගිනි ගණන් වීමෙන් උද්ධමනය අහස උසට නගී
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් 2026 මාර්තු මාසය සඳහා වන නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම වාර්තාවට අනුව, 2026 පෙබරවාරි මාසයේ 1.6% ක් වශයෙන් පැවති මෙරට මතුපිට උද්ධමනය මාර්තු මාසය වන විට 2.4% දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.
එසේම කාණ්ඩ අනුව උද්ධමන විචලනය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී විවිධ භාණ්ඩ හා සේවා කාණ්ඩයන්හි ලක්ෂ්යමය උද්ධමන අනුපාතයන්හි කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් දක්නට ලැබේ.
එමෙන්ම පෙබරවාරි මාසයේ ඍණ අගයක් (-1.7%) ගත් ප්‍රවාහන අංශයේ උද්ධමනය මාර්තු මාසයේදී 4.9% දක්වා සැලකිය යුතු ආකාරයට ඉහළ ගොස් ඇත.
මේ අතර නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන මූලික උද්ධමනය (Core Inflation) ද මාර්තු මාසයේදී 2.7% ක් වශයෙන් සටහන්ව ඇත.
එසේම 2026 පෙබරවාරි මාසයේ 209.4 ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය මාර්තු මාසයේදී 210.9 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව මෙම දත්තයන්ට අනුව මාසික උද්ධමන වෙනස් වීම සඳහා ආහාර කාණ්ඩය මඟින් -0.27% ක දායකත්වයක් සහ ආහාර නොවන කාණ්ඩය මඟින් 0.99% ක දායකත්වයක් ලැබී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දක්වයි.