කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින අතර හෙට (21) දිනයේදී වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

පස්වරු 1.00 න් පසු අනෙකුත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල සහ මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

ජොන්ස්ටන්ට කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

ජොන්ස්ටන්ට කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

අනෙකුත් ප්‍රදේශවල මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

රැකියා බොරුවෙන් ලක්ෂ ගණනක් වංචා කළ තිදෙනා අල්ලයි

රැකියා බොරුවෙන් ලක්ෂ ගණනක් වංචා කළ තිදෙනා අල්ලයි