අද හවසට සිද්ධ වෙන්න යන වෙනස...රටේම තැන් තැන්වලට බලපනවලු...

Report

බස්නාහිර, සබරගමුව,මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිවේදනය කරයි.

පත්තු වෙන්නත් පුළුවන්... පිපිරෙන්නත් පුළුවන්... මේ දිනවල සතුරන්ගෙන් ප්‍රවේසම්... ඔබටයි කිව්වේ...!!! ප්‍රවේසම් වන්න…

පත්තු වෙන්නත් පුළුවන්... පිපිරෙන්නත් පුළුවන්... මේ දිනවල සතුරන්ගෙන් ප්‍රවේසම්... ඔබටයි කිව්වේ...!!! ප්‍රවේසම් වන්න…

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.