පත්තු වෙන්නත් පුළුවන්... පිපිරෙන්නත් පුළුවන්... මේ දිනවල සතුරන්ගෙන් ප්‍රවේසම්... ඔබටයි කිව්වේ...!!! ප්‍රවේසම් වන්න…

Horoscope Astrology Lagna Wasana Lagna Palapala Jothishya Lagna
By Akash Mar 15, 2025 02:24 AM GMT
Akash

Akash

Report

මේෂ ලග්නය

ශුභා ශුභ ඵලදෙයි. ගමන් බිමන් බහුල දිනකි. දහමට ලැදිව ක්‍රියා කරයි. දාන ශීලාදී ගුණධර්මවලද යෙදෙන අතර තම ඥාති සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ දෙයි. ශිරෝගත රෝග මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: රතු ·

වෘෂභ ලග්නය

ගමන් බිමන් යෙදේ. වන්දනා ගමන්වල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. පුද පූජා කර්මවල යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. සෙම් බහුල රෝගද මතු කරයි. ජය අංකය: 04 ශුභ වර්ණය: කහ ·

මිථුන ලග්නය

දුර ගමන් යෙදේ. තරමක් වැය පස ද ඉහල යන දිනකි. දාන ශීලාදී ගුණධර්මවල යෙදෙන අතර සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අමතර ලාභ ද ලබයි. හෘද ආබාධ ඉදිමුම් රෝග දෙයි. ජය අංකය: 03 ශුභ වර්ණය: කොල ·

කටක ලග්නය

ක්‍රියාශීලී දිනකි. ආගමික වතාවත් මුල්කර ක්‍රියාකාරකම්වල යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවල ද යෙදෙන අතර නවක මිතුදම් ඇතිවෙයි. තරමක් සැනසිලි සිතුවිලි මත ක්‍රියා යෙදේ. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

ජය අංකය: 07 ශුභ වර්ණය: රන්වන් ·

සිංහ ලග්නය

ක්‍රියාශීලී දිනකි. ආගමික උත්සව සංවිධානයට හේතු ඇතිවෙයි. තරමක් වැය පස ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. අමතර ධන ලාභ ද මතු කරයි. ශිරෝ රෝග මුඛ රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි ·

කන්‍යා ලග්නය

ක්‍රියාකාරී දිනකි. තරමක් සැනසිලි ස්වභාවයෙන් ක්‍රියා කරයි. දහමට ලැදි වන අතර දාන ශීලාදී ක්‍රියා කාරකම්වල යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. වැයපස ඉහළ යයි. සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් රෝග මතුවේ. ජය අංකය: 06 ශුභ වර්ණය: සුදු ·

තුලා ලග්නය

දුරගමන් වන්දනා ගමන් වැනි දේ යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත්වල ද යෙදේ. තරමක් වැය ඉහළයි. මූල රෝග භගන්දර රෝග සාදයි. ජය අංකය: 07 ශුභ වර්ණය: ක්‍රීම් ·

වෘශ්චික ලග්නය

ප්‍රීති උත්සව සාද වැනි දේවල්වල යෙදේ. ගමන් බිමන් බහුලයි. ආගමානුකූල චාරිත්‍රවල යෙදෙන දිනකි. විනෝද ගමන් ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැය පස ඉහළ යයි. ප්‍රමේහ වාත රෝග මතු වෙයි. ජය අංකය: 02 ශුභ වර්ණය: දුඹුරු ·

පාන්දරින්ම සිදුවූ බිහිසුණු ගැටුම... සහෝදරයන්ට මාරු කැඳවයි...

පාන්දරින්ම සිදුවූ බිහිසුණු ගැටුම... සහෝදරයන්ට මාරු කැඳවයි...


ධනු ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵල උදා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ. ජය අංකය: 01 ශුභ වර්ණය: රෝස ·

මකර ලග්නය

තරමක් අවිවේකී දිනකි. දුරගමන් ද යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම අනුශාසකයන් සමග සීල ගුණධර්මවල යෙදේ. පොදු සත්කාරක ක්‍රියා වැනි දේවල්හි ද යෙදේ. ආමාශ ගත රෝග සන්ධි රෝග මතු වේ. ජය අංකය: 08 ශුභ වර්ණය: නිල් ·

කුම්භ ලග්නය

වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේවලට හේතුයි. දාන ශීලාදී ගුණධර්මවලද යෙදේ. පරෝපකාරීව ක්‍රියා කරයි. තරමක් මිල මුදල් වැය කරන දිනකි. අමතර ලාභ ලබයි. ශිරෝ රෝග උෂ්ණ රෝග සාදයි. ජය අංකය: 09 ශුභ වර්ණය: දම් ·

රේගුවේ නම කන්නේ රේගුවෙන්මයි... නිලධාරියෙක් අත්අඩංගුවට...

රේගුවේ නම කන්නේ රේගුවෙන්මයි... නිලධාරියෙක් අත්අඩංගුවට...

මීන ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵල උදා කරයි. සුහදතා වර්ධන ක්‍රියා කාරකම් යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. සතුරු බලපෑම් වැඩි වන දවසක්. අද දවසේ ඔබට සතුරු කරදර බහුලව තිබෙන දිනයක්. ඔබට සැක හිතන තැන්වලට යෑමෙන් වළකින්න. ඔබේ ලග්නෙට අනුව අද දවසේදී ඔබට සතුරු කරදර බහුල දිනයක් වන අතර අවි ආයුධ වලින්ද පහරදීමක් හෝ සිදුවන්නට ඉඩකඩ තිබේ.වාත රෝග මුත්‍ර රෝග මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: තද කහ

ReeCha