Instagram භාවිතා කරන ඔබ අනතුරේ? Meta වෙතින් ඉල්ලීමක්

Report

මිලියන 17.5 ක් පමණ පරිශීලකයින් සම්බන්ධ තොරතුරු හෙළිදරව් වී ඇති බවට වාර්තා වීමෙන් පසුව, මහා පරිමාණ Instagram දත්ත කඩ කිරීමක් පිළිබඳ චෝදනාව Meta ප්‍රතික්ෂේප කර ඇත.

Meta ප්‍රකාශකයෙකු වාර්තා කර ඇත්තේ ,

“සමහර Instagram පරිශීලකයින් සඳහා මුරපද යළි පිහිටුවීමේ විද්‍යුත් තැපැල් ඉල්ලා සිටීමට බාහිර පාර්ශවයකට ඉඩ සලසන ගැටලුවක් අපි විසඳා ගත්තෙමු.අපගේ පද්ධති උල්ලංඝනය කිරීමක් සිදු නොවූ බවත්, ජනතාවගේ Instagram ගිණුම් ආරක්ෂිතව පවතින බවත් අපි සැමට සහතික කිරීමට කැමැත්තෙමු. මිනිසුන්ට මෙම විද්‍යුත් තැපැල් නොසලකා හැරිය හැකි අතර, මෙය ඇති කළ හැකි ඕනෑම ව්‍යාකූලත්වයක් සඳහා අපි සමාව අයදිමු.”

අනපේක්ෂිත මුරපද යළි පිහිටුවීමේ විද්‍යුත් තැපැල් ලැබුණු බව පැවසූ Instagram පරිශීලකයින් කිහිප දෙනෙකුගේ වාර්තාවලින් පසුව පැහැදිලි කිරීමක් සිදු වූ අතර, දත්ත කඩ කිරීමක් පිළිබඳ අන්තර්ජාලය තුළ ආන්දෝලනයක්ද ඇති විය.

ජපානයේ රැකියා අවස්ථා - මේ සුදුසුමක් තියෙනවනම් දැන්ම ජපානෙට

ජපානයේ රැකියා අවස්ථා - මේ සුදුසුමක් තියෙනවනම් දැන්ම ජපානෙට

කෙසේ නමුත් ලොව පුරා බිලියනයකට වඩා පරිශීලකයින් සිටින ලොව විශාලතම සමාජ මාධ්‍ය වේදිකාවලින් එකක් වන Instagram මෙටා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි මුරපද යළි පිහිටුවීමේ විද්‍යුත් තැපැල් නොසළකා හරින ලෙසයි.

වාහන ආනයනය නිසා ලංකාව ලෝක අමාරුවක - මහ බැංකුව කියයි

වාහන ආනයනය නිසා ලංකාව ලෝක අමාරුවක - මහ බැංකුව කියයි