අද 4 වෙනකල් ප්‍රා.ලේ කොට්ඨාස 68 කට අනතුරු ඇඟවීමේ නිවේදන
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වැසි තත්ත්වය නිසා දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 68 කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන අද (16 ) දින පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙන ආකාරයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කර ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, දොළුව, මැදදුම්බර, හඟ ඉහළ කෝරළය, සහ මිනිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ සඳහා තෙවන මට්ටමේ රතු නිවේදනය නිකුත් කර ඇත.
එසේම දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන උඩුනුවර හතරලියද්ද, අකුරණ ගඟවට කෝරළය, දෙල්තොට, පූජාපිටිය, කුණ්ඩසාලේ, පන්විල යටි නුවර, හාරිස්පත්තුව, උඩපළාත, තුම්පනේ පාත දුම්බර, පාතහේවාහැට සහ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, හපුතලේ වැලිමඩ, ලුණුගල, සොරනතොට, ඇල්ලකන්දකැටිය, පස්සර, මීගහකිවුල. හල්දුම්මුල්ල බදුල්ල, බණ්ඩාරවෙල සහ හාලිඇල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම සහ මාවතගම, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය, විල්ගමුව, රන්තොට, ලග්ගල පල්ලේගම, පල්ලේපොල උකුවෙල, යටවත්ත, නාවුල සහ මාතලේ නුවර එළිය දිස්ත්‍රිනයේ හඟුරන්කෙත, වලපනේ, නිල්දණ්ඩාහින්න, මතුරට සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම කොට්ඨාස සදහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර ඇත.
තවද කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕට, මාවනැල්ල වරකාපොළ, බුලත්කොහුපිටිය, දැරණියගල, කෑගල්ල අරණායක, රඹුක්කන, රුවන්වැල්ල. යටියන්තොට, සහ ගලිගමුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල සහ අලව්ව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාලවනැල් නෝර්වුඩ්, අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අවදානම් නිවේදන ද නිකුත් කර ඇත.
එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (16) දින පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙන බවත් එම සංවිධානය කියයි.
තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති මෙම ප්‍රදේශ වලට පසුගිය පැය 24 කාලය තුල මිලි මීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයන් ලැබී ඇති බැවින් වර්ෂාව තව දුරටත් පවතී නම් එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යා යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නව දුරටත් කියයි.
දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍ර දේශ වලට පසුගිය පැය 24 තුල මිලි මීටර් 100 ඉක්මවූ සහ පළවු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍ර දේශවලට පිලි මීටර් 75 ඉක්ම වූ වර්ෂාපතනයක්ද ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.