කාලගුණයෙන් හදිසි නිවේදනයක් - අද සිට දින කිහිපයකට වැසි තත්ත්වය දරුණු වෙයි

Report

අද (03) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩිවීමක් සහ සුළං වේගය ඉහළ යාමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ලෝකයම දරුණු අනතුරක - ඉතිහාසයේ නොවූ විරූ මාරක අනතුරකට ලෝකය සූදානම් වෙන්න - ලෝක කාලගුණ විද්‍යා සංවිධානය

ලෝකයම දරුණු අනතුරක - ඉතිහාසයේ නොවූ විරූ මාරක අනතුරකට ලෝකය සූදානම් වෙන්න - ලෝක කාලගුණ විද්‍යා සංවිධානය

විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇද හැලීමේ හැකියාව පවතින බව සඳහන් වේ.

මේ අතර, දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමනු ඇති බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.

අනුරාධපුරයම වටලන්න 3,500ක පොලිස් බලඇණියක් සූදානම්

අනුරාධපුරයම වටලන්න 3,500ක පොලිස් බලඇණියක් සූදානම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්