පැයක් එක දිගට වැස්සොත් යට වෙන ගමක්

Report

ඊයේ (09) දින ඇදහැලුණු අධික වර්ෂාවෙන් කන්දේ ඇල ජලාශයේ සිට මීපිළිමාන රුවන් එළිය හරහා නානු ඔයට ගලා බසින අග්‍රාඇළ දෙපස වගා බිම්වල ඉවතලන අපද්‍රව්‍ය සහ ඒ අවට නිවස්වලින් ඉවතලන අපද්‍රව්‍ය අග්‍රා ඇළට බැහැර කිරීමෙන් අග්‍රා ඇළ අවහිර වී ජලය පිටාර ගලා ඇත.

මෙසේ ඇළ පිටාර ගැලීමෙන් මීපිළිමාන ජපන්වත්ත ප්‍රදේශයේ වගාබිම් නිවාස සහ පානීය ජල ළිං රැසක් යටව ජනතාව දැඩි සේ අපහසුතාවයට පත්වී ඇති බවද සඳහන්.

මේ අතර පැයකට අධික වර්ෂාවක් ඇද හැලෙන සෑම අවස්ථාවකදීම මෙලෙස ජපන්වත්ත ප්‍රදේශයේ නිවාස සහ වගා බිම් ජලයෙන් යටවී අවස්ථාවන් රැසකදි විශාල වගා හානි සහ මහජනතාව අපහසුතාවයට පත්වීම් සිදුවන බව එම ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කළා.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

කෙසේ වෙතත් දිගින් දිගටම උද්ගතවන මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය සභාවෙන් කළ විමසීමක් සිදු කර ඇත.

ඒ අනුව වගකිවයුතු බලධාරීන් මේ වන විට නව රජයේ ප්‍රතිපාදන යටතේ අග්‍රා ඇළ ප්‍රතිසංස්කරණය කර විශාල කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බව කියා තිබෙනවා.

බීඩි මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

බීඩි මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට යන අද දවසේ මේ ලග්නවලට හැම පැත්තෙන්ම සුබ දේවල් ගලන් එයි

ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට යන අද දවසේ මේ ලග්නවලට හැම පැත්තෙන්ම සුබ දේවල් ගලන් එයි