තත්ත්වය තවත් බරපතළයි - දැනටමත් එක් අයෙක් මරුට
එළඹෙන 21 වන දිනෙන් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා විසින් මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බව සඳහන් කරයි.
මේ අතර එහි සෘජු බලපෑමක් මෙරටට නොමැති වුව ද වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
එසේම පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 06කට පනවා තිබෙන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්යය වසන්ත සේනාධීර මහතා විසින් බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක කර තිබෙන බව පවසයි.
තවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජාලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ද දන්වයි.
එහි ජල කළමණාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එච්.එම් හේරත් මහතා විසින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලුම ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව පවසයි.
එසේම මෙම අයහපත් කාලගුණික තත්ත්වය නිසා එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා විසින් පවසා සිටියේ අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.