උණුසුම් කාලගුණික තත්වය ගැන දැනුවත් කිරීමක් - අඩුවෙන කාලයක් ගැන පුරෝකථනයක්

Report

මේ දිනවල දිස්ත්‍රික්ක රැසකට බලපා තිබෙන උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි 25 වැනිදා තෙක් පැවතිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

මේ හේතුව නිසා ක්‍රීඩා කටයුතු දැඩි අව් රශ්මිය මැද සිදුනොකරන ලෙස පාසල් ක්‍රීඩකයන්ට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.

මෙරටට බලපෑ ඇති අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයකි .

''පව්කාර මිනිසුන් යුද්ධවලට පැටලිලා බොහෝ පිරිසකගේ කුසගිනි නිවිය හැකි මහා ධනස් කන්දයක් විනාශකාරී යුද්ධවලට වැය කරනවා '' කාදිනල් හිමි කියයි

''පව්කාර මිනිසුන් යුද්ධවලට පැටලිලා බොහෝ පිරිසකගේ කුසගිනි නිවිය හැකි මහා ධනස් කන්දයක් විනාශකාරී යුද්ධවලට වැය කරනවා '' කාදිනල් හිමි කියයි

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට පැමිණ තිබේ .

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ එම අගය උණුසුම් දර්ශකයට අනුව 45 අගය ඉක්මවූ එනම් 'වැඩි අවධානයක්' යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවට IOC සමාගමෙන් සහතිකයක්

මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවට IOC සමාගමෙන් සහතිකයක්