මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවට IOC සමාගමෙන් සහතිකයක්
ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සහතික කරන බවත්, ඒ වෙනුවෙන් ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව ලංකා IOC සමාගමේ කළමණාකාර අධ්යක්ෂ කේ. රගු මහතා සදහන් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ කේ. රගු මහතා සදහන් කළේ මෙවන් අදහසක්
"ලංකා IOC සමාගමයේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස මට ජනතාවට කියන්න තියෙන්නේ අපි ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව. රටට ඉතා වැදගත් වන බලශක්ති සුරක්ෂිතතාව අපි සහතික කරනවා. පවතින තත්ත්වය ඉතා යහපත් කියලා මම කියන්නේ නෑ. නමුත් රට තුළ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ලංකා IOC ආයතනය සහ රජය තම උපරිමය ඉටු කරමින් සිටිනවා. අපි රටේ ප්‍රගතිය වෙනුවෙන් අඛණ්ඩව ඉන්ධන සපයනවා"