හෙට සවස 1න් පසු රටේ තත්ත්වය ගැන කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම්දීමක්
By Ashfa
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව යන පළාත්වලට හෙට (13) දිනයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලටද පස්වරු 1 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ,වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර ඇත.