අද මේ දිස්ත්‍රික් සියල්ලටම අවදානමක් - සියලුම පුද්ගලයන්ට විශේෂ දැනුම්දීමක්

Report

මෙරට දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අද (14) දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල මෙම අධික උණුසුම් තත්ත්වය අපේක්ෂා කරන අතර, එහිදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වීරකැටියේ වෙඩි තැබීමක් - ඉලක්කය 20 හැවිරිදි තරුණයෙක්

වීරකැටියේ වෙඩි තැබීමක් - ඉලක්කය 20 හැවිරිදි තරුණයෙක්

පවතින අධික උණුසුම හමුවේ එළිමහනේ සිදුකරන වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, විජලනය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කෘෂිකර්මාන්තයට මෙන්ම දෛනික ජන ජීවිතයට ද දැඩි බාධා එල්ල වී තිබේ.

මිහින්තලේ ප්‍රදේශයේ පවතින වියළි තත්ත්වය නිසා මිහින්තලය පුනා වැව, සුරුක්කුලම වැව, කෝන් වැව සහ වෙරුප්පන්කුලම පන්සල් වැව ආදී ප්‍රධාන වැව් රැසක ජලය ශීඝ්‍රයෙන් සිඳී යමින් පවතී.

අධික උණුසුමත් එක්ක ප්‍රංශයට මහා ලැව්ගිනි ව්‍යසනයක් - හෙක්ටයාර් 1,100ක් ගින්නට දැවෙයි

අධික උණුසුමත් එක්ක ප්‍රංශයට මහා ලැව්ගිනි ව්‍යසනයක් - හෙක්ටයාර් 1,100ක් ගින්නට දැවෙයි

එමෙන්ම වැල්ලවාය ප්‍රදේශයේ දිවුල්ගස් කනත්ත වැව ඇතුළු කුඩා වැව් රැසක ජල මට්ටම් ද පහත බැස ඇත. මඩකලපුව, මොණරාගල, රත්නපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පානීය ජල හිඟයක් පවතින ප්‍රදේශ සඳහා බව්සර් රථ මඟින් ජලය බෙදාහැරීම ආරම්භ කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ජලසම්පාදන මණ්ඩලය සතු ප්‍රධාන ජල මූලාශ්‍රවල මෙතෙක් හිඟයක් මතුව නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පවතින වියළි කාලගුණික තත්ත්වය නිමා කරමින් සෑහීමකට පත්විය හැකි වර්ෂාපතනයක් ලබන ඔක්තෝබර් මාසයේ සිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරන අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, පවතින අධික උණුසුම් හා පීඩනකාරී කාලගුණයත් සමඟ මානසික අසහනය සහ විශාදය වැනි මානසික රෝගී තත්ත්වයන් උත්සන්න වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව රාගම වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පෙන්වා දෙයි.

එම නිසා මෙවැනි කාලගුණික තත්ත්වයන් යටතේ ශාරීරික සෞඛ්‍යයට මෙන්ම මානසික සෞඛ්‍යයට ද විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.