මීට පස්සේ මේ විදිහට කන්න උයන්න හිතන්නවත් එපා - සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඒ ආහාර පිළියෙල කිරීමේදී සහ පරිභෝජනයේදී ප්‍රමිතිකරණයක් නැති ප්ලාස්ටික් මෙවලම් භාවිතය හේතුවෙන් හෘදරෝග, පිළිකා,හෝමෝන අසමතුලිතා ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බවටයි.

ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් එහි පරිසර, වෘත්තීය සහ ආහාර ආරක්ෂණ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය පැවසුවේ, දීර්ඝකාලීනව ප්ලාස්ටික් මෙවලම් භාවිතයෙන් මෙම රෝගී තත්ත්වයන් ඇති වන බව‍යි.

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ,

"උදෑසන තේ පිළියෙළ කිරීමේදී අපි නටන උණු වතුර තේ කොළවලට දාලා තේ ප්ලාස්ටි ජොග්ගුවක හදනවානේ. ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටිවල ප්‍රමිතිකරණයක් නැහැ. ඊට පස්සේ අපි ගමනක් යනකොට ගෙදරින් වතුර බෝතලයක් ගෙනියන්නේ නැතුව කඩෙන් වතුර බෝතලයක් ගන්නවා. මේ හැම දෙයකම අපිට පේන්නේ නැති සියුම් අංශු ක්‍රියාත්මක වෙනවා. මේවාට තමයි අපි කියන්නේ, මයික්‍රෝ ප්ලාස්ටික් කියලා.. ඒ වගේම BPA වගේ තවත් විෂ රසායනික ප්ලාස්ටික්වල අඩංගු වෙනවා. සමහර වෙලාවට හොදි වර්ග අරන් එන්නේ පොලිතීන් ආවරණවල.

අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදී පානීය ජල බෝතල් මිලත් ඉහළට - අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදී පානීය ජල බෝතල් මිලත් ඉහළට - අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කෑම පැකට්වල තියෙන්නේ, පොලිතීන්වල බැඳපු කෑම එකක්. මේ හැමදෙයකින්ම විශාල විෂ ප්‍රමාණයක් ශරීරයට ඇතුළු වෙනවා. මේ විෂ කාලයක් තිස්සේ ඇතුළු වුණාම මේවා අපේ රුධිර වාහිනි හරහා ගමන් කරලා මොළය වකුගඩු, අක්මාව වගේ අවයවවල තැන්පත් වෙනවා. කාලයක් තැන්පත් වුණාම මේ අවයව අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම රුධිරවාහිනී අවහිරවීම්, හෘදයාබාධ වගේ ඇති වෙන්න පුළුවන්. BPA වගේ රසායනික ද්‍රව්‍යවලින් හෝර්මෝන ආශ්‍රිත රෝග, මඳ සරුභාවය වගේ විකෘතිතා ඇති වෙන්න පුළුවන්. නොයෙකුත් බෝනොවන රෝග, දීර්ඝ කාලීන ආසාදිත තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. අවසානයේ නොයෙකුත් පිළිකා වර්ගවලට මේවා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආහාර පිළියෙල කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත මෙවලම් භාවිත කරනවා නම් තමයි ආහාර ආරක්ෂිතතාව වැදගත් වෙන්නේ. මැටි හට්ටි, ලෝහ, වීදුරු, සෙරමික් භාජන ආහාර පිසීමේදී භාවිත කරන්න පුළුවන්.."

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට