රජය පොරොන්දු කඩ කරලා - ආයෙත් දැවැන්ත වැඩ වර්ජනයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා රජය මැදිහත් නොවීම හේතුවෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (07) පැවැත්වීමට නියමිතව තිබේ.
සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කල පොරොන්දු කඩකරමින් සිටීම නිසා මේ වනවිට ගැටලු විසදීම සිදු නොවන බවයි.
ඒ අනුව, වෘත්තීය සමති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංගමය තීරණය කර ඇති අතර, අවසන් තීරණය හෙට පැවැත්වෙන විශේෂ මධ්‍යම කාරක සභාවේදී ගැනීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දුන්නේය.