ICC ''මාසයේ ක්‍රීඩිකාව'' සම්මානයට හර්ෂිතා නිර්දේශ වේ...
By Parami Dissanayake
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන 'මාසයේ ක්‍රීඩිකාව' සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ශ්‍රී ලංකා පිතිකාරිනී හර්ෂිතා සමරවික්‍රමගේ නමද නිර්දේශ වී තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන්වරට සිදුකළ අයර්ලන්ත තරග සංචාරයේ එක්දින මෙන්ම විස්සයි20 තරගාවලියේ දී ද හර්ෂිතා දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඇයව මේ සඳහා නිර්දේශ කර ඇත.
හර්ශිතා එම එක්දින තරගාවලියේ දී ශතකයක් (105) සමගින් ලකුණු 172ක් රැස්කිරීමට සමත් වූවාය.
චමරි අතපත්තුගෙන් පසු ශ්‍රී ලංකා පිතිකාරිනියක වාර්තාකළ දෙවැනි එක්දින ශතකය එහිදී හර්ෂිතා රැස්කළ ශතකය විය.
කෙසේ වෙතත්, හර්ෂිතාට අමතරව මෙම සම්මානය සඳහ නිර්දේශ වී සිටින සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනාම අයර්ලන්ත ක්‍රීඩිකාවන් ය.
ඒ Orla Prendergast හා Gaby Lewis යන ක්‍රීඩිකාවන් දෙදෙනා ය.