ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට...

By Parami Dissanayake Sep 05, 2024 01:58 PM GMT
Report

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම පිරිස භාරයට ගෙන ඇත්තේ, යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ය.

ඉන් පසු ඔවුන් කන්කසන්තුරය වරාය වෙත රැගෙන පැමිණ ඇත.

කෙසේ වෙතත්, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම මෙහෙයුමත් සමඟ මෙම වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් ඉන්දීය ධීවර යාත්‍රා හතලිස් හතක් 47 ක් සහ ඉන්දීය ධීවරයින් 345 නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇතැයි වාර්තා වේ.