ඈ සිරාවටම ද කියලා අහන්න එපා. - Harry Potter පිස්සන්ට අලුත් ආරංචියක්. - බලන්නකෝ මොකක්ද කියලා.
ඉදිරියට නිකුත් කිරීමට නියමිත Harry Potter කතා මාලාව සඳහා නවක ළමා නළු නිළියන් බඳවා ගන්නා බවට දැනුම් දී තිබෙනවා.
ඒ, අනුව මෙම සතිය මුලදී එසේ බඳවා ගැනීම් සඳහා තෝරා ගැනීම සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හැරී, රොන් සහ හර්මනිගේ භූමිකාවන් සඳහා සුදුසුකම් ලැබීමට නම්, 2025 අප්‍රේල් මාසය වනවිට වයස අවුරුදු 09ත් 11ත් අතර විය යුතු අතර, ඔවුන් එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ පදිංචිකරුවන් විය යුතුයි.
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.
පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.
අයදුම් කිරීමට කැමති අය සඳහා, ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් වීඩියෝ පට දෙකක් යැවිය යුතුයි.
එක් වීඩියෝවකින් කෙටි කවියක් හෝ කතාවක් ඉදිරිපත් කළ යුතු අතර, දෙවැන්න ඔවුන්ගේ උපන් දිනය, උස සහ ඔවුන් ජීවත්වන ස්ථානය ඇතුළුව ඔවුන් ගැන තොරතුරු එවන ලෙසටයි ඉල්ලා ඇත්තේ.
එමෙන්ම මෙම නවතම කතා මාලාව නිකුත් කිරීම සඳහා තවමත් දිනයක් නොමැති නමුත් 2025-26 කාලය තුළ එය එක්සත් රාජධානියේ රූගත කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා සඳහන් කරන්නේ.