අද අහන්න වෙලා තිබෙන්නේ සත්‍යය විකෘති කිරීමක්.. අධිකරණ ඇමතිට ගෙනාව විශ්වාසභංගය ගැන හරිනි කට අරී

Report

අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කරුණු සහ සාක්ෂි මත පදනම් විය යුතු බවත්, ජනවරම අනුව නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කර ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ගෞරවය සහ ජනතා විශ්වාසය නැවත ගොඩනැගීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර ඇත.

ඒ අනුව ඇය මේ බව සඳහන් කළේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ අද(24) දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

එසේම අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළේ විපක්ෂය විසින් ඉදිරිපත් කළ චෝදනා කිසිදු කරුණක් හෝ සාක්ෂියක් මත තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඔවුන්ගේ තර්ක බොහෝ දුරට වාචික සහ පුද්ගලික ප්‍රහාර මත පදනම් ව ඇති බවයි. එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ,

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

"ජූලි 5 සහ 6 දිනවල මුහුණ දීමට සිදුවූ සිද්ධිය ඉතාමත් ඛේදනීයයි. ඉන් සිදු වූ ජීවිත හානි කිසිසේත්ම පිළිගත නොහැකියි, ඒ වගේම කිසිදු ආකාරයකින් එය සාධාරණීකරණය කළ නොහැකි දෙයක්. කෙසේ වෙතත්, එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා පමණක් වගකිව යුතු බවටත්, සිද්ධියට පෙර, සිදුවන අවස්ථාවේ සහ ඉන් පසුව ඔහුගේ ක්‍රියාකලාපය ජනතා විශ්වාසය කඩකිරීමක් වූ බවටත් විපක්ෂය නගන චෝදනා, කරුණු සහ සාක්ෂි මත ඔප්පු කළ යුතුයි. සභාවේ ඇතිකරන ඝෝෂාවෙන්, පුද්ගලික ප්‍රහාරවලින්, ද්වේෂ සහගත ප්‍රකාශවලින් සත්‍ය බව තහවුරු වන්නේ නැහැ. අද අපට අසන්න වෙලා තිබෙන්නේ සත්‍යය විකෘති කිරීමක්, කරුණු වැරදි ලෙස ඉදිරිපත් කිරීමක්, අර්ධ සත්‍යයන් සහ කැබිනට් අමාත්‍යවරයෙකුට ද්වේෂ සහගත ප්‍රහාර එල්ල කිරීමක් පමණයි. එවැනි දේවලින් මෙම විශ්වාසභංග යෝජනාවේ අරමුණ තහවුරු වන්නේ නැහැ."

තවද ඇය පෙන්වා දුන්නේ වර්තමාන රජය බලයට පත්වීමට පෙර සිටම බන්ධනාගාර පද්ධතියේ පැවති ව්‍යුහාත්මක දුර්වලතා වසර ගණනාවක් තිස්සේ විසඳා නොතිබූ බවයි.

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

එමෙන්ම 2022 වසරේ සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පැවති නමුත් වර්තමාන රජය ඒවා පිරවීමට පියවර ගෙන ඇති බවද ඇය සඳහන් කළේ,

"පසුගිය වසර තුළ බන්ධනාගාර නියාමකවරුන් 695 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. තවත් 190 දෙනෙකු බඳවා ගැනීමේ කටයුතු සිදුවන අතර සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් 18 දෙනෙකු පත්කර තිබෙනවා. 2022 වසරෙන් පසු මෙම පුරප්පාඩු පිරවීම ආරම්භ වූ පළමු අවස්ථාව මෙයයි." යනුවෙන්.

යුද ගිනි මැද මෙරට රන් මිලත් උඩුයටිකුරු වෙයි - ලංකාවම හොයපු අද රන් මිල මෙන්න

යුද ගිනි මැද මෙරට රන් මිලත් උඩුයටිකුරු වෙයි - ලංකාවම හොයපු අද රන් මිල මෙන්න

මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට පුරප්පාඩු පිරවීම, අත්‍යවශ්‍ය උපකරණ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාපටිපාටි සමාලෝචනය කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළා.

රක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින පිරිස අවම කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, විෂ වර්ග සහ අන්තරායකර ඖෂධ පනත සංශෝධනය කිරීම ඇතුළු නීති ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුවන අතර එම සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළා.

"අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මේ ප්‍රශ්න නොසලකා හැරියා කියලා කියන්න බැහැ. නීති ප්‍රතිසංස්කරණ එක රැයකින් සිදු කළ නොහැකියි. ඒ සඳහා නියමිත ක්‍රියාපටිපාටියක් තිබෙනවා. එම ක්‍රියාවලිය මේ වන විටත් ක්‍රියාත්මකයි."  

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්