අභිනව ආණ්ඩුවේ, අග්‍රාමාත්‍යවරිය හරිනි, එකවරම විශේෂ සටහනක් තබයි.. කීව දෙය මෙන්න..(PHOTO)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වැනි අග්‍රමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මෙනවිය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ය.
ඒ අනුව ඇය සඳහන් කළේ සැවොම අපේක්ෂා කරන රටත්, සමාජයත් ගොඩනැංවීමේ වගකීම් සහගත භාරධූර ක්‍රියාවලිය ඇය වෙත පැවරී ඇති බවයි.
උපුටා ගැනීම..
"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වැනි අග්‍රමාත්‍යවරිය වශයෙන් ඔබ සැම අපේක්ෂා කරන රටත්, සමාජයත් ගොඩනැංවීමේ වගකීම් සහගත භාරධූර ක්‍රියාවලිය මාවෙත පැවරී තිබෙනවා.
ඔබ සැම අපේක්ෂා කරන රට ගොඩනැංවීමේ ක්‍රියාවලියට මෙතැන් සිට අප සමග අත්වැල් බැඳගන්න.
අප සැවොම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් එක්ව පෙළගැසෙමු.
As the 16th Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka, I have been entrusted with the significant responsibility of building the country and the society you envision.
I invite you to join us in this journey towards building the country we all aspire to.
Together, let us unite for a thriving nation and a beautiful life!"
උපුටා ගැනීම අවසන්..