හරීන් ප්‍රනාන්දුට රජයේ ඉහළ තනතුරක්.. පිරිසකගේ විරෝධය.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව බවයි පැවසෙන්නේ.
සංචාරක, ඉඩම් , ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් ඔහු විශේෂ උපදේශකයෙකු ලෙස පත් කරන බවයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ.
මේ අතර මෙම පත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මැතිවරණය කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වනවා.
මැතිවරණයක් පවත්වන අතරතුර රජයේ පත්වීම් කළ නොහැකි බැවින් මෙය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවට සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතීඥ රජිත ලක්මාල් මහතා චෝදනා කර සිටිනවා.