ගමන් බිමන් යන අයට සුහ ආරංචියක් - අඩු වියදමින් ගමන් යන්න අවස්ථාවක්
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂාකාරීව අඩු මුදලකින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙළට රාජ්‍ය මැදිහත්වීම සනිටුහන් කරමින් මධ්‍යම පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කරන ලද ‘හරිගමන’ නමින් පරිගණක යෙදවුමක් (App) හඳුන්වාදීම සිදුවිය.
මෙම වැඩසටහන ඊයේ (06) දින හරිගමන නමින් මහනුවර විලියම් ගොපල්ලව මාවතේ, මුල්ගම්පොල ස්ථානයේ විවිධ සේවා සමූපකාර සමිතියක්ද මධ්‍යම පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ සිදුවිය. එහිදී විවිධ සේවා සමුපාකාර සමිතියේ සභාපති එස්. කුමරන් මහතා පවසා සිටියේ රජයේ ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස මෙම පරිගණක යෙදවුම ජනගත කෙරුණු අතර එමගින් මගියාට මෙන්ම ප්‍රවාහන සේවා සපයන පුද්ගලයාට වාසි රැසක් අත්වන බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ වනවිට රට තුළ ක්‍රියාත්මක පරිගණක යෙදවුම් මගින් ප්‍රවාහන සේවා සපයනය ආයතන උපයන මුදල්වලින් 75 % ක් පමණම විදේශ රටවලට ඇදී යන බවත් ‘හරිගමන යෙදවුම’ මධ්‍යම පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ අධීක්ෂණය වන 100% ක්ම ශ්‍රී ලාංකික නිර්මාණයක් බවත්ය.
තවද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගේ පවසා සිටියේ අලුත් විදිහට හිතන නව ප්‍රවණතා සමඟ ගමන් ගන්නා සමුපකාර ව්‍යාපාරයක් රටට අවශ්‍යය බවත් මගී ජනතාවට වඩා සුරක්ෂිත මෙන්ම ලාභදායි ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සඳහා මේ ආකාරයෙන් සමුපකාර ව්‍යාපාරයේ අවධානය යොමුවීම අගය කරන බවත්ය.
රජය ඉදිරියේදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශාල දියුණුවක් අපේක්ෂයෙන් සැලසුම් සකස් කර තිබෙන බවත් විශේෂයෙන් එහිදී ත්‍රිරෝද රථ යම් නියාමනයකට ලක්කර මේ ආකාර පරිගණක යෙදවුම් ඔස්සේ ප්‍රවාහන සේවා සිදු කිරීම සඳහා යොමු කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් ඔහු පැවසුවේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්, මධ්‍යම පළාත් සමුපකාර කොමසාරිස් පී.ඩබ්ලිව් ශිරෝමනී, හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමුපකාර සමිතියේ ලේකම් සුනිල් කොග්ගල ලියනගේ ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.