මේක හරි භයානක තත්වයක්! - ළදරුවන් ඩිජිටල් තිරවලින් ඈත් කරලම තියන්න

By Shehan Apr 10, 2025 07:43 AM GMT
Report

ළදරුවකු උපත ලබා පළමු වසර තුළදී තමන්ව නිතර හඳුන්වන නමට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, එය ‘ඔටිසම්’ රෝගයේ ලක්ෂණයක් විය හැකි බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රජා ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිලිනි විපුලගුණ ප්‍රකාශ කළාය.

එමෙන්ම, දරුවකුට වයස අවුරුදු එකහමාරක් පමණ වන විට යම් යම් දේ සමඟ මවාපාමින් සෙල්ලම් නොකරන්නේ නම්, එය ද ‘ඔටිසම්’ රෝගයේ ලක්ෂණයක් විය හැකි බව ඇය සඳහන් කළාය.

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

තවද, ඩිජිටල් තිර භාවිතය හේතුවෙන් දරුවන්ට ‘ඔටිසම්’ තත්ත්වයට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඇය අවධාරණය කළාය.

වර්තමානයේ ඩිජිටල් තිර භාවිතය නිසා දරුවන්ට ඇස් ආබාධ මෙන්ම මනෝ සමාජීය ගැටලු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවත්, ඒ නිසා ඩිජිටල් තිර භාවිතය පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් විශේෂඥ වෛද්‍යවරිය දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියාය.

අපේ ආණ්ඩුවෙන් කළු ගඟේ හා මුහුදේ පාවෙන හෝටල් හදනවා - නලින් ආයි කට අරී

අපේ ආණ්ඩුවෙන් කළු ගඟේ හා මුහුදේ පාවෙන හෝටල් හදනවා - නලින් ආයි කට අරී

කෙසේ නමුත්, ළදරුවන් අසාමාන්‍ය හැසිරීම් පෙන්වන්නේ නම්, කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් උපදෙස් දුන්නාය.