අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)
ගැහැණු ළමයෙක් අවුරුදු 14 න් මනමාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ප්‍රසූත කරනවා කියන්නේ ඇඟ හිරි වැටෙන සෝචනීය කාරණාවක්.
හැබැයි ලංකාවේ නොවුනට තාමත් සමහර රටවල ඒ වගේ ඉරණම් හිමි වුණ ජීවිත කතා තිබෙනවා.
ඒ වගේම උදේ හවා ඒවා අපිට අහන්නත් ලැබෙනවා.
රෝයා කරිමි කියන්නෙත් ඒ වගේ ඉරණමකට මුහුණ දුන්න, හැබැයි නැවත තමන්ගේ ඉරණමට අභියෝග කළ කාන්තාවක්.
ඇය අවුරුදු 14 දී විවාහ වෙලා අවුරුදු 15 දී දරුවෙක් බිහි කරනවා.
නමුත් රෝයා ඇගේ ජීවිතය වෙනුවෙන් ඇගේ පුතා සමඟ ඇෆ්ගනිස්ථානයෙන් පලා යනවා.
ඉන්පසු ඇය නෝර්වේවල වෘත්තීය කායවර්ධන ශිල්පිනියක් විදිහට තමන්ගේ ජීවිතේ අලුතින් පටන් ගන්නවා.
ඇය ඇයත් සමඟම කළ සටනෙ ප්‍රතිඵලයක් විදිහට 2025 යුරෝපීය කායවර්ධන ශූරතාවලියේ පළමු ස්ථානය ලබා ගන්න ඇයට හැකි වෙනවා.
ඇය තමන්ගේ දිනුම සමාජ මාධ්‍යවල හරි අපූරුවට බෙදා ගන්නේ මේ විදිහෙ සටහනක් එක්ක,
“ඇෆ්ගන් ගැහැණු ළමයෙකු ලෙස යුරෝපීය ශූරතාවලියට සුදුසුකම් ලැබීම යනු හුදෙක් පුද්ගලික ගෞරවයක් නොවේ; එහි තේරුම ක්‍රීඩාවේ පමණක් නොව ජීවිතයේ සීමාවන් බිඳ දැමීමයි. අපට සිහින දැකීමට, උත්සාහ කිරීමට සහ අපගේ හඬ ඇසීමට අයිතියක් ඇත.”
නමුත් යුරෝපීය ශූරතාවලියේ රෝයාගේ සාර්ථකත්වය නිවේදනය කළාට පස්සේ, සමාජ මාධ්‍යයෙ ඇගේ දිනුමට ප්‍රශංසා වගේම විවේචනත් එල්ල වෙනවා.
ඒ ඇගේ ඡායාරූප ප්‍රකාශයට පත් කිරීම “ඇෆ්ගන් සංස්කෘතිය” ට එරෙහි බව කියලා.
හැබැයි රෝයා මේ විවේචනවලට ප්‍රතිචාර විදිහට ඉන්ස්ටග්‍රෑම් සජීවී විකාශනයකදී මෙහෙම කියනවා.
“මම කළ දේට මම සමාව අයදින්නේ නැහැ. ඇෆ්ගන් කාන්තාවකට ඇති ලොකුම ජයග්‍රහණය වන්නේ සමාජයක සහ ඇයව මකා දැමීමට උත්සාහ කරන රජයක් යටතේ හඬක් තිබීමයි.”
ඒ වගේම රෝයා ඇෆ්ගනිස්ථානුවන්ගෙන් ඉල්ලන්නේ පීතෘමූලික රාමුවලින් එළියට ගිහින් මනුෂ්‍යත්වයට සහ කාන්තාවන්ගේ තේරීමේ අයිතියට ගරු කරන්න කියලා.
