පාර මැද කුහරයට වැටුණු මිනිසාට මොකද උනේ? සොයමින් දැවැන්ත මෙහෙයුමක්

Report

ඉන්දියාවේ මුම්බායි නගරයේ බරපතළ වර්ෂාවක් අතර, මලාපවහන කුහරයට (Manhole) වැටීමෙන් පසු පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.සිද්ධියෙන් පසු විශාල සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අදාළ සිදුවීම සිදුවී ඇත්තේ අන්ධේරි–සාකි නාකා සහ ජෝගේශ්වරී උපනගරවල සිට කුර්ලා හා ගාට්කෝපර් මධ්‍ය ප්‍රදේශ සම්බන්ධ කරන කයිරානි මාර්ගයේදීය. එම පුද්ගලයා ජංගම දුරකථනයෙන් කතා කරමින් සිටියදී කුහරයට වැටී ඇති බව සඳහන් වේ.

ලොවක් කම්පා කළ ඛේදවාචකය තවමත් අවසන් වී නැහැ - ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 2,295 දක්වා ඉහළට

ලොවක් කම්පා කළ ඛේදවාචකය තවමත් අවසන් වී නැහැ - ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 2,295 දක්වා ඉහළට

සිද්ධිය වූ ස්ථානයේ ඔහුගේ කුඩය සහ සෙරෙප්පු සොයාගෙන ඇති අතර, මුම්බායි ගිනි නිවන සේවය, පොලීසිය සහ 108 හදිසි ගිලන් රථ සේවය එක්ව විශේෂ සෙවීම් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

නඩත්තු කටයුත්තක් සඳහා පුද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් එම කුහරයේ ආවරණය විවෘත කර තබා තිබූ බවද වාර්තා වේ. මේ අතර මුම්බායි නගරයේ අඛණ්ඩව පවතින දැඩි වැසි හේතුවෙන් ඩඩාර්, පරෙල්, හින්ද්මතා, චාර්කොප්, වර්ලි, ගෝරෙගාන් සහ අන්ධේරි ඇතුළු ප්‍රදේශ රැසක ජල ගැලීම් වාර්තා වී තිබේ.

පසුගිය පැය 24 තුළ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 200කට අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, නගරයේ පහළම හා ඉහළම ප්‍රදේශවලටද දැඩි බලපෑම් එල්ල වී ඇති බව මුම්බායි මහ නගර සභාව (BMC) සඳහන් කරයි.

ප්‍රබල වර්ෂාපතනය හේතුවෙන් දුම්රිය සේවාද අඩාල වී ඇති අතර, මගීන් පවසන්නේ උදෑසන කාලයේ දුම්රිය විනාඩි 10–15ක ප්‍රමාදයකින් ධාවනය වූ බවයි. එහෙත් දුම්රිය බලධාරීන් පවසන්නේ සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

ඉන්දියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) මුම්බායි සහ අවට ප්‍රදේශ සඳහා තවදුරටත් දැඩි සිට අතිදැඩි වර්ෂාපතන අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ප්‍රබල සුළංද ඇතිවිය හැකි බව සඳහන් කර තිබේ. 

ස්පාඤ්ඤයේ උණුසුම ඉහළට - මරණ 1,000 ඉක්මවයි

ස්පාඤ්ඤයේ උණුසුම ඉහළට - මරණ 1,000 ඉක්මවයි