''බොර තෙල් ගැන අලුත්ම හෙළිදරව්වක්'' - හෝර්මුස් අර්බුදය මැද ගල්ෆ් රටවලින් තෙල් අපනයන ඉහළට

Report

ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු මැදපෙරදිග රටවල තෙල් අපනයන ඉහළම මට්ටමට ළඟා වී තිබේ. ඒ අනුව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේන්, කුවේට් සහ ඉරාකය සැප්තැම්බර් මාසයේදී දිනකට සාමාන්‍යයෙන් බොරතෙල් බැරල් මිලියන 15.5ක් පමණ අපනයනය කර ඇති බව Kpler දත්ත පෙන්වා දෙයි.

 එය යුද්ධය ආරම්භ වීමට පෙර මාස 12 තුළ පැවති සාමාන්‍ය දෛනික අපනයන ප්‍රමාණයෙන් සියයට 80කට වැඩි අගයකි. හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය කිරීමේදී ඇතිවූ බාධා මඟහරවා ගැනීම සඳහා ගල්ෆ් කලාපයේ රටවල් විකල්ප ක්‍රම භාවිත කිරීම මෙම අපනයන ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

විශේෂයෙන්ම, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නැව් සංඛ්‍යාවට සීමා නොවී තෙල් අපනයනය කිරීම සඳහා ‘shuttle services’ සහ නෞකා අතර තෙල් මාරු කිරීමේ ක්‍රම භාවිත කර ඇත.

මෙහිදී ගල්ෆ් වරායන්ගෙන් බොරතෙල් රැගෙන සමුද්‍ර සන්ධියෙන් පිටත රැඳී සිටින විශාල නෞකා වෙත එය ප්‍රවාහනය කිරීමට කලාපයේ තෙල් නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

Drewry සමාගමේ විශ්ලේෂක Anshika Prajapati පෙන්වා දෙන්නේ, මාස කිහිපයක් පැවති බාධාකාරී තත්ත්වයෙන් පසු ගල්ෆ් කලාපයේ තෙල් අපනයන පද්ධති ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම මෙම වර්ධනයට ප්‍රධාන හේතුවක් බවයි.

කෙසේ වෙතත්, තෙල් අපනයන ඉහළ ගියද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ ගොස් නොමැත. Brent බොරතෙල් බැරලයක මිල අගෝස්තු අවසානයේ ඩොලර් 90ක් පමණ වූ අතර, මේ වනවිට එය ඩොලර් 100 ඉක්මවා තිබේ.

එහෙත් එම මිල අප්‍රේල් මාසයේ යුද සමයේ වාර්තා වූ ඩොලර් 126කට වැඩි උපරිම අගයට වඩා තවමත් පහළ මට්ටමක පවතී.

ලෝක ජනතාවටම බිය ගෙනෙන පුවතක් - ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ඕසෝන් දූෂණයට නිරාවරණය වෙයි

ලෝක ජනතාවටම බිය ගෙනෙන පුවතක් - ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ඕසෝන් දූෂණයට නිරාවරණය වෙයි

ලෝකයේ විශාලතම තෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය ද හෝර්මුස් සමුද්‍ර සන්ධිය මඟහැරීම සඳහා ගල්ෆ් කලාපයේ සිට රතු මුහුද දක්වා දිවෙන East-West නල මාර්ගය භාවිත කරයි.

කෙසේ වෙතත්, සැප්තැම්බර් 10 සිදුවූ ප්‍රහාරයකින් පසු එම නල මාර්ගය හරහා තෙල් ප්‍රවාහනය තාවකාලිකව නතර කිරීමට සිදුවීම හේතුවෙන් සෞදි අරාබියට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා අපනයන වැඩි කිරීමට සිදුව තිබිණි.

Kpler හි මූලික දත්ත අනුව, සෞදි අරාබියේ සියලුම මාර්ග හරහා සිදුකළ සමස්ත තෙල් අපනයන සැප්තැම්බර් මාසයේදී දිනකට බැරල් මිලියන 6.9ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ තෙල් ප්‍රවාහය ද ඉහළ ගොස් ඇත.

මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය කිරීමේදී ආරක්ෂක අවදානම් තවදුරටත් පවතී.

පසුගිය සතියේ පමණක් නෞකා වෙත ප්‍රහාර හතරක් වාර්තා වී ඇති අතර, සඳුදා රාත්‍රියේ සමුද්‍ර සන්ධිය තුළදී එක් තෙල් ප්‍රවාහන නෞකාවක් ගිනිගෙන තිබේ.

එම නෞකාව කුවේට් සමාගමට අයත් විශාල තෙල් නෞකාවක් වන Al Funtas බව සඳහන් වේ. එමෙන්ම එක්සත් රාජධානියේ UK Maritime Trade Operations ආයතනය පවසන්නේ, පසුගිය දින හත තුළ ඇමෙරිකානු ගුවන් ආරක්ෂණ සහාය යටතේ දිනකට සාමාන්‍යයෙන් නෞකා 30ක් පමණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවයි.

එම නෞකා බහුතරයක් තෙල් ප්‍රවාහන නෞකා වේ. කෙසේ වෙතත්, ඉරානයේ Islamic Revolutionary Guard Corps සංවිධානය සැප්තැම්බර් 25 සිට සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ නෞකා 19කට පමණ ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කර ඇත.

එම ප්‍රකාශ ස්වාධීනව තහවුරු වී නොමැත. මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන විශාල තෙල් නෞකා සඳහා ගෙවන ගාස්තු පසුගිය සතියේ දිනකට ඩොලර් මිලියන 1.2ක වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් තිබේ.

කලාපයේ තෙල් ප්‍රවාහය යුද්ධයට පෙර පැවති මට්ටමට තවමත් පැමිණ නොමැති නමුත්, Drewry විශ්ලේෂක Anshika Prajapati පෙන්වා දෙන්නේ තෙල් නැව්ගත කිරීම් ඉහළ යාම කලාපයේ තෙල් වෙළෙඳාම ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ ආරම්භක පියවරක් ලෙස සැලකිය හැකි බවයි.

කාන්තාවන්ගෙන් සැදුම්ලත් බළෝච් සන්නද්ධ ඒකකයේ පළමු ප්‍රහාරය - පාකිස්තාන සෙබළුන්ට දැඩි ප්‍රහාරයක්

කාන්තාවන්ගෙන් සැදුම්ලත් බළෝච් සන්නද්ධ ඒකකයේ පළමු ප්‍රහාරය - පාකිස්තාන සෙබළුන්ට දැඩි ප්‍රහාරයක්