කාන්තාවන්ගෙන් සැදුම්ලත් බළෝච් සන්නද්ධ ඒකකයේ පළමු ප්‍රහාරය - පාකිස්තාන සෙබළුන්ට දැඩි ප්‍රහාරයක්
පාකිස්තානයේ බළෝචිස්තාන් ප්‍රාන්තයේදී කාන්තාවන්ගෙන් සැදුම්ලත් බළෝච් කැරලි කණ්ඩායමක නව සන්නද්ධ ඒකකයක් සිදුකළ පළමු ප්‍රහාරයේදී පාකිස්තාන හමුදා සාමාජිකයින් නව දෙනෙකු මියගිය බව එම කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.
බළෝචිස්තාන් විමුක්ති පෙරමුණ (BLF) විසින් එම ප්‍රහාරයට අදාළ වීඩියෝ දර්ශන නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ එම සංවිධානයේ අලුතින් පිහිටුවන ලද Karima Armed Assault Division (KAAD) කාන්තා ඒකකයේ සාමාජිකයින් පාකිස්තාන හමුදා රථ පෙළකට වෙඩි තබන ආකාරයයි.
එම වීඩියෝවට අනුව, සැප්තැම්බර් 22 වැනිදා බළෝචිස්තාන්හි ටර්බට් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) මාර්ගයේ ගමන් කළ රථ තුනකින් සමන්විත Quick Response Force (QRF) රථ පෙළක් එහිදී ඉලක්ක කර ඇති බව සඳහන් වේ.
වීඩියෝ දර්ශනවල කාන්තා අණදෙන නිලධාරිනියක් මෙහෙයුම පිළිබඳව සෙසු සාමාජිකයින්ට උපදෙස් ලබාදෙන ආකාරය ද දැක්වේ. අනතුරුව රයිෆල් රැගත් සන්නද්ධ සාමාජිකයින් ඉතා ආසන්න දුරක සිට පාකිස්තාන හමුදා රථ පෙළ වෙත වෙඩි තබන ආකාරය ද එහි ඇතුළත්ය.
BLF ප්‍රකාශක මේජර් ග්වාහ්රම් බළෝච් සඳහන් කර ඇත්තේ ප්‍රහාරයෙන් පාකිස්තාන හමුදා රථ කිහිපයකට දැඩි හානි සිදුවූ බවයි. කාන්තා ඒකකයට සහාය දැක්වූ Qurban ඒකකයේ සාමාජිකයින් පාකිස්තාන හමුදා තමන් වට කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් එම කණ්ඩායමේ පසුබැසීම ආවරණය කළ බවද ඔහු පවසා තිබේ.
ට්‍රම්ප්ගේ ප්‍රකාශය සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීම හමුවේ ලෝක තෙල් මිල ඉහළට ගිය හැටි - WTI සහ බ්‍රෙන්ට් අලුත්ම අනුපාතික මෙන්න
එම මෙහෙයුමේදී Qurban ඒකකයේ සටන්කාමියෙකු වන චකර් මුරාඩ්, හෙවත් දිලීප් ජාන්, මියගිය බවද ඔහු සඳහන් කර ඇත. මේ අතර, වීඩියෝවේ තවත් කොටසක KAAD සාමාජිකයින් බළෝචිස්තාන්හි කලාට් ප්‍රදේශයේ මන්ග්චාර්හිදී වාහන පරීක්ෂා කරන ආකාරය දැක්වේ.
වෙනත් සිදුවීමකදී Baloch Republican Army (BRA) සංවිධානය බළෝචිස්තානයේ ඩෙරා බුග්ටි ප්‍රදේශයේ බෙහ් ලෝටිහි පිහිටි Mari Energies Limited ආයතනයේ ස්ථානයකට රොකට් සහ බර අවි යොදා ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන් වේ.
BRA ප්‍රකාශක සර්බාස් බළෝච් පවසා ඇත්තේ එම ප්‍රහාරයෙන් ආයතනයේ සේවකයින් තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එම ප්‍රහාරයෙන් පසු පාකිස්තාන හමුදා සහ තමන් ප්‍රාදේශීය රාජ්‍ය අනුග්‍රහය ලබන සන්නද්ධ කණ්ඩායමක් ලෙස හඳුන්වන කණ්ඩායමක සාමාජිකයින් අතර ගැටුමක් ඇති වූ බවද ඔහු පවසා තිබේ. එම ප්‍රකාශයට අනුව පාකිස්තාන හමුදා සාමාජිකයින් නව දෙනෙකු මියගොස් ඇති අතර, අදාළ සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකුද මියගොස් තිබේ.
BRA සාමාජිකයින් හයදෙනෙකුද මියගිය බව The Balochistan Post වාර්තා කර ඇත.තවද Baloch Republican Guards (BRG) සංවිධානය තම සාමාජිකයින් හජි ෂෙහ්ර් ප්‍රදේශය අත්පත් කරගෙන ප්‍රාදේශීය පොලිස් ස්ථානයක් පුපුරණ ද්‍රව්‍ය යොදා විනාශ කළ බව ප්‍රකාශ කර තිබේ.
BRA සාමාජිකයින් එරි ෂෙහ්ර් වෙත ඇතුළු වී රජයේ ගොඩනැගිලි කිහිපයක් පාලනයට ගෙන මෙහෙයුම අවසන් කිරීමෙන් පසු ආරක්ෂිතව පසුබැස ගිය බවද එම සංවිධානය පවසා ඇත.
මෑත කාලයේ බළෝචිස්තානයේ පාකිස්තාන ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකරන ප්‍රහාර ඉහළ ගොස් ඇති අතර, එම ප්‍රහාර හේතුවෙන් ජීවිත හානි සහ රාජ්‍ය යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බව වාර්තා වේ.
KAAD ඒකකය නම් කර ඇත්තේ බළෝච් නිදහස වෙනුවෙන් ක්‍රියාකාරී වූ කරීමා බළෝච් නමිනි. ඇය Baloch Students Organisation-Azad (BSO-Azad) සංවිධානයේ පළමු කාන්තා සභාපතිනිය ලෙස කටයුතු කර තිබූ අතර, 2020 වසරේදී කැනඩාවේ ටොරොන්ටෝහිදී අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.