ග්රෑන්ඩ්පාස් නිවාස පෙළක දරුණු ගින්නක් - නිවාස 8ක් සම්පූර්ණයෙන් විනාශයි
By Malith Madushan
කොළඹ, ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ මහවත්ත දුම්රිය මාර්ගය ආසන්නයේ නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ගින්න පාලනය කිරීම සඳහා කොළඹ, ග්රෑන්ඩ්පාස් සහ හෙට්ටියාවත්ත ගිනි නිවීමේ ඒකකවලට අයත් ගිනි නිවන රථ පහක් යොදවා තිබුණි.
මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව වාර්තා වන අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත. කෙසේ වෙතත්, ගින්න හටගැනීමට හේතුව සහ ඉන් සිදුවූ දේපළ හානිය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.