දෙමාපියන්ගේ අවධානයට හෙළිදරව්වක් - ''අන්තර්ජාල මත්ද්‍රව්‍ය ජාවාරමට පාසල් යන වයසේ දරුවන් සම්බන්ධ බවට නියෝජ්‍ය ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්''

Report

අන්තර්ජාලය හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධවලට පාසල් වයසේ දරුවන් ගොදුරු වීමේ අවදානමක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

විශේෂයෙන්ම පාසල් නොයන දරුවන් විවිධ අපරාධ සඳහා මෙන්ම මත්ද්‍රව්‍ය ජාලවල සැපයුම් කටයුතු සඳහා ද යොදාගන්නා බව ඔහු පෙන්වා දෙයි.

160 වැනි පොලිස් දිනයට සමගාමීව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සංවිධානය කරන ලද එක්දින මාධ්‍ය වැඩමුළුවකට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ,

“පසුගිය කාලයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හරහා මේ ආකාරයේ පැමිණිලි විශාල තොරතුරු විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. මේ හේතුවෙන් සමාජ මාධ්‍ය භාවිතයේදී පාසල් වයසේ දරුවන් ආරක්ෂා කළ යුතු ආකාරය සහ අන්තර්ජාලය විධිමත්ව භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ළමා පරපුර දැනුවත් කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අප හඳුනාගෙන තියෙනවා. එවැනි අපරාධවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය දැනුම, මාධ්‍ය සාක්ෂරතාවය ලබාදීම තමයි ප්‍රධානතම අරමුණ.”

නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ජනාධිපතිගෙන් දැවැන්ත සහනයක් - RE-MSME PLUS ණය ක්‍රමයට තවත් බිලියන 7.5ක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ජනාධිපතිගෙන් දැවැන්ත සහනයක් - RE-MSME PLUS ණය ක්‍රමයට තවත් බිලියන 7.5ක්