රටම කැළඹු ආන්දෝලනාත්මක ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දින ගැන විභාග කොමාසාරිස්ගෙන් ප්‍රකාශයක්.

Report

පසුගියද පැවැති ආන්දෝලනාත්මක ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40ක් ඇතුළත ලබාදීමට පියවර ගන්නා බව විභාග කොමාසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (08) පවසා තිබෙනවා.

එමෙන්ම ශිෂ්‍යත්වයට අදාළ පිළිතුරු පත්‍ර බැලීම ඊයේ සිට 12 වැනිදා දක්වා සිදුකරන බවත් තමාගේ උත්සාහය දින 40කටත් පෙර ප්‍රතිඵල දිය හැකි නම් එය සිදු කිරීමට බවයි ඔහු කියා සිටියේ.

පසුගිය සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගය අතර විභාගයේ පළමු ප්‍රශ්න 03ක් පිටවීම සම්බන්ධ ගැටලුව අධිකරණය දක්වා ගියා.

එහිදී ලැබුණු අධිකරණ තීන්දුව අනුව පිටවූ ප්‍රශ්න 03 සඳහා සියලුම සිසුන්ට නිදහස් ලකුණු ලබාදීමට පියවර ගනු ලැබුවා.

පිටවූ ප්‍රශ්න තුන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රශ්න තුනට නිදහස් ලකුණු දීම, ප්‍රශ්න 03 කප්පාදු කිරීම සහ සම්පූර්ණ විභාගය නැවත පැවැත්වීම යන නිර්දේශ ලබාදී සුදුසුම නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව ලකුණු දීමට තීරණය කළ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.  

දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)

දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)

වාහනවල විකුණුම් මිලෙහි වෙනසක්. - ජපන් මෝටර් රථයක් ආසන්න වශයෙන් 300%ක්.

වාහනවල විකුණුම් මිලෙහි වෙනසක්. - ජපන් මෝටර් රථයක් ආසන්න වශයෙන් 300%ක්.


You May Like This Video