අපරාධකරුවන් මට්ටු කරන්න ආණ්ඩුවෙන් සැලැස්මක්

Report

මෙරට සංවිධානාත්මක අපරාධවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ විදෙස් රටවල සැගවී සිටින අපරාධකරුවන් 30 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

පවසනවා. ඉදිරි කාලය තුළදී ඔවුන් මෙරටට රැගෙන ඒම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි අමාත්‍යවරයා ඒ පිළිබද විමසීමකදී අදහස් දක්වන ලදි.

විශේෂ‍‍යෙන් ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානතවයෙන් මේ වෙද්දි මේ කටයුතු ක්‍රියාත්මක වෙන බවටත්, ඉන්පසුව ජනතාවගේ සහය ඇතිව මත්ද්‍රව්‍ය වලින් මෙරට පුද්ගලයන් එ වගේම දරුවන් ඈත් කරලීමේ කටයුත්තට උර දෙන්න හැකියාව ඇති බවටත්.

පද්මෙගෙ කටින් තවත් 35දෙනෙක් ගැන හෙළි වේ 35නාටම රතු නිවේදන

පද්මෙගෙ කටින් තවත් 35දෙනෙක් ගැන හෙළි වේ 35නාටම රතු නිවේදන

දැනටත් විදේශ ගතව ඉන්න අපරාධකරුවන් ලංකාවට රැගෙන විත් ඇති බවටත් ප්‍රකාශ කර තිබේ . එ වගේ රතු නිවේදන දීපු 72ක් ඉන්න බවත් ඒකෙනුත් 32ක් ඉන්න ස්ථාන හදුනාගන ඇති බවටත් ප්‍රකාශ කරන ලදි.

එවගේම විදේශයන්වල සිරකරුවන් 20 ක් පමණ සිටින බවත් ඔවුන් ලංකාවට ගෙන ඒමට පොලිස්පතිතුමා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් දක්වන ලදි. එවගේම අපරාධ කරුවන් විදේශ ගත වීම වළක්වන්නටත් , විදේශ ගතවුණා වුණත් නීතිය ඉදිරියට ඉක්මණින් ගෙන එන්නට කටයුතු කරන බවටත් ප්‍රකාශ කරන ලදි.

නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

එමෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යවසනය මෙරටින් තුරන් කිරීමට ගෙන ඇත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදහස් පළ කළා.

ඉදිරි සති දෙක තුනක කාලය තුළ මත්ද්‍රවය මුළින් උපුටා දමන්නට දීප ව්‍යාපව කටයුතු කරන බවටත් . මේ සදහා මහා නායක ස්වාමීන්වහන්සේලා, පාසල්, විශ්වවිද්‍යාල, පොලිසිය ,රාජ්‍ය ආයතන ආදී වූ සියල්ලම එක්කාසු කොට ජාතික ව්‍යාපාරයක් ගොඩනගන බවටත් එතුමා අදහස් දක්වන ලදි.  

දවසින් දවස ඉහළ යන රන් මිලට එක පාරටම වෙච්චදේ..

දවසින් දවස ඉහළ යන රන් මිලට එක පාරටම වෙච්චදේ..