අද 99 වුණා...101ක් වුණා කියලා තවත් කට්ටියව චූන් කරන්න එපා - නලින්ද මාධ්‍යට සැර කරයි
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පුවත් වාර්තා කිරීමේදී වෙඩි තැබීම් එකින් එක ගණන් කරමින් ‘අද 99 වුණා.. 101ක් වුණා..’ යනුවෙන් උත්තේජනයක් නොදීම වැදගත් බව ප්‍රකාශ කරයි.
ඒ ආකාරයට මෙවැනි අපරාධ උත්තේජනය වන වාර්තාකරණයෙන් ජනප්‍රියත්වය වෙනුවෙන් තරඟ කරන කණ්ඩායම්වලට මෙම වාර්තා කිරීම් තුළින් යම් අරමුණක් ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදීයි.
ඒ මාධ්‍යවේදියෙකු විමසූ පැනයට පිළිතුරු ලබා දෙමින්.