පලෙයි කැලයේ LTTE කඳවුරක් ඇති බවට පළවන වාර්තා පිළිබඳව පලවෙන වාර්තා ගැන රජයෙන් ප්‍රකාශක්

Report

පලෙයි රක්ෂිතය තුළ LTTE ත්‍රස්තවාදී කඳවුරක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (18) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ අදාළ ස්ථානයේ කිසිදු ත්‍රස්තවාදී කඳවුරක් නොමැති බවයි.

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක් - පළාත් කිහිපයකට වැසි, ප්‍රදේශ රැසකට තද සුළං

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක් - පළාත් කිහිපයකට වැසි, ප්‍රදේශ රැසකට තද සුළං

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළ අමාත්‍යවරයා සඳහන් කළේ, කිලිනොච්චිය අක්කරායන්පුලම් පොලිස් වසමට අයත් කන්නගිපුරම් බටහිර ග්‍රාම නිලධාරී වසමේ මුක්කන්පන් ප්‍රදේශයේ පිහිටි රක්ෂිත භූමියක් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් එළිපෙහෙළි කර ඇති බවයි.

1919 නොවැම්බර් 17 වන දින අංක 70/64 දැක්වෙන ගැසට් පත්‍රය මඟින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මෙම භූමියේ, ත්‍යාගරාසා ගුනදීපන් නැමැති අදාළ හිමිකරු විසින් තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ප්‍රදේශයේ ජනතාව සම්බන්ධ කරගනිමින් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගොස් තිබේ.

එමෙන්ම ඔහු මුලින් අක්කර 10 ක් සහ පසුව අක්කර 20 ක භූමි ප්‍රමාණයක් අනවසරයෙන් එළිපෙහෙළි කරමින් කෝමාරිකා සහ එළවළු වගා කර ඇති අතර, යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් අනවසරයෙන් වැලි කැණීම් සහ ප්‍රවාහන කටයුතු ද සිදුකර ඇත.

මෙම අනවසර එළිපෙහෙළි කිරීම් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් අඩවි වන කාර්යාලය මඟින් වරින් වර වැටලීම් සිදුකර ඇති අතර, අදාළ පුද්ගලයාට එරෙහිව දැනටමත් නඩු 7 ක් පවරා තිබේ.

පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත් දෙකට කථානායකවරයාගේ සහතිකය

පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත් දෙකට කථානායකවරයාගේ සහතිකය

2026 පෙබරවාරි 06 වන දින කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ භූමියට ඇතුළු වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර, 2026 ජූලි 24 වන දින අඩවි වන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව අදාළ හිමිකරු ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රාජ්‍ය රක්ෂිතයක සිදුවූ මෙම නීතිවිරෝධී ඉඩම් අත්පත් කරගැනීම මුල්කරගනිමින් "LTTE පුහුණු කඳවුරක්" පවතින බවට පදනම් විරහිත ව්‍යාජ ප්‍රචාරයක් නිර්මාණය කර ඇති බවත්, මෙලෙස අසත්‍ය ප්‍රචාර පැතිරවූ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී දැඩි ලෙස නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.