ඉන්දු - ලංකා පාලම අපේ යෝජනාවක් නෙමෙයි.. ලංකාව ගෙනාපු එකක්.. ඇත්ත කතාව මෙන්න

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර භූමි සම්බන්ධතාවයක් (පාලමක්) ඇති කිරීම සඳහා සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් (DPR) සකස් කිරීමේ ඉන්දියානු යෝජනාව තවමත් වලංගු බවත්, එය මුලින්ම ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකාවෙන් බවත්, කොළඹ රජයේ ප්‍රතිචාරයට බලා සිටින බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මහ කොමසාරිස්වරයා අවධාරණය කළේ මෙම භූමි සම්බන්ධතා ව්‍යාපෘතිය ඉන්දියානු යෝජනාවක් නොව බවයි. එය ශ්‍රී ලංකාවේ යෝජනාවක් බවත්, ඒ සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා පවත්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත්, භූමි සම්බන්ධතාවය ඇති කිරීමට තවත් වැඩ කිහිපයක් සිදු කළ යුතු බවත්, සුදුසු කාලයකදී ඒ පිළිබඳව කටයුතු කරන බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.

මහ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශයන් ඊයේ කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සිදු වූ අතර, ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතාවල නවතම තත්ත්වය පිළිබඳව ද ඔහු මාධ්‍යවේදීන් දැනුවත් කළේය.