රජයේ සේවකයන්ට වැටුප් ඉහලට

Report

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අයවැයෙන් රුපියල් කෝටි 11,000ක් වෙන් කර ඇත. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ පැවසීය,

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

“ආර්ථික අර්බුදය මධ්‍යයේ රට වෙනුවෙන් වගකීම භාර ගනිමින් සහ රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කරමින් අපි 2026 සඳහා අයවැය ඉදිරිපත් කර ඇත්තෙමු. රජයේ සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල්කරණය සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන කිහිපයක් වෙන් කර ඇත. ඊට අමතරව, රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කර ඇත.

ගුරුතුමියගේ දඬුවමේ සැරට දරුවෙක් මියයයි

ගුරුතුමියගේ දඬුවමේ සැරට දරුවෙක් මියයයි

ඊට අමතරව, අපරාධකරුවන් අත්අඩංගුවට ගත් විට ඔවුන්ගේ තොරතුරු මාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ විවිධ මත පළ කරමින් සිටී. විමර්ශනවලට බලපාන තොරතුරු මාධ්‍යයට ලබා නොදිය යුතු බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත. මාධ්‍ය තොරතුරු ලබා දීම වැළැක්වීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් හෝ අභිප්‍රායක් නොමැත,” ඔහු පැවසීය.