ජනතාවගේ ආදරය දිනාගත් පවිත්‍රා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි.(PHOTOS)

By Aruna May 16, 2024 01:38 PM GMT
Report

රිය අනතුරකින් තෙළිඟු රූපවාහිනී නිළියක වන පවිත්‍රා ජයරාම් මිය ගොස් තිබෙන බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ආන්ද්‍රා ප්‍රදේශ්හි මෙහ්බූබා නගර් අසලදී සිදු වූ බිහිසුණු රිය අනතුරකින් ඇය එම ස්ථානයේදීම මිය ගිය බවයි.

ඇය ගමන් ගත් මෝටර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

තෙළිඟු රූපවාහිනී කතාවක් වන “Trinayani” කතාංගයේ තිලෝත්තමාගේ චරිතය නිරූපණය කිරීම හරහා ඇය ප්‍රසිද්ධියට පත් වී සුවිශේෂී චරිතයක්.

ඇය 'Ninne Pelladatha' චිත්‍රපටිය ඔස්සේ රංගනය පිවිස ඇත.

කෙසේ වෙතත් ඇයගේ වියෝව සම්බන්ධයෙන් ජනප්‍රිය නළු Sameeip Acharyaa සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි දක්වා තිබුණේ මෙවන් අදහසක්.

"ඔබ දැන් නැති බව දැනගත් විට එය මට කිසිවිටෙකත් අදහාගත නොහැකි විය.

තිරයේ මගේ පළමු මව, ඔබ සැමවිටම මට විශේෂ වනු ඇත. ඔබට සුබ ගමන්''

GalleryGalleryGallery