දවස ගානේ ගණන් උස්සන මුද්‍රණාලාධිපතිනියට තවත් සල්ලි මදිලු.
මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක පමණ මුදලක් ඉදිරි දින කිහිපය තුළ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනී ලියනගේ පවසනවා.
ඒ, රජයේ මුද්‍රණාලයේ හිඟ පවතින දෛනික වියදම් පියවා ගැනීම සඳහායි.
ඇය පවසන්නේ, සාමාන්‍යයෙන් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික වියදම් සඳහා මිලියන 4000ක පමණ මුදලක් අවශ්‍ය වන බවත්, පසුගිය මැයි මාසයේ සිට මුද්‍රණ දෙපාර්තමේන්තුවට එම මුදල් නියමිත පරිදි නොලැබුණ බවත්, සේවක වැටුප් සහ දීමනා ගෙවීම සඳහා පමණක් මුදල් ලබා දී ඇති බවත්ය.
එමෙන්ම ඇය වැඩිදුරටත් කියා සිටියේ, මුලින් ලබා දුන් මිලියන 40 ට අමතරව කිසිදු මුදලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි.
මැතිවරණය සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතුවලට රුපියල් මිලියන 533 ක පමණ මුදලක් අවශ්‍ය වන බව පවසන ඇය ඒ මුදලින් තමන් ඉල්ලා සිටියේ මිලියන 200 ක තරම් මුදලක් බව ද කියා සිටියා.
නමුත් එම මුදල ලබාදීමට මැතිවරණ කොමිසමට නොහැකි වූ බවත්, අවශ්‍ය මුදල් ලබා දී පොලිසිය ද ලබා දුන්නහොත් මැතිවරණය සඳහා අවශ්‍ය සියලු මුද්‍රණයන් අවසන් කිරීමට හැකි වන බවත්, ඊට දින 33 ක පමණ කාලයක් ගතවන බවත් ඇය ප්‍රකාශ කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
