පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට හිටපු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ කමිටුවක්.. (PHOTO)

Report

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත්කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුතු අදාළ කමිටුව සඳහා සාමාජිකයින් සිව්දෙනෙකු පත්කර ඇත.

එහි සෙසු සාමාජිකයින් ලෙස ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ හමීඩ් යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.

Gallery