බේකරි නිෂ්පාදන මිල ගැනත් තීරණයක්
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ විදුලිය ගාස්තුව 15%කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බවයි.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සදහන් කළේ, එම ඉහළ ගිය විදුලි ගාස්තුව නිෂ්පාදන පිරිවැයට එකතු වුවද මේ අවස්ථාවේදී එයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ අදහස් නොමැති බවයි.
ජයවර්ධන මහතා පැවසුවේ එවැනි මිල ඉහළ දැමීමක් නොකරන ලෙස බේකරි හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි.