අතුරුදහන් වූ සෙව්වන්දි මිලදී ගත් සිම්පතක් ගැන අනාවරණයක්

By Gagana News Feb 28, 2025 03:20 AM GMT
Report

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී මාකිලංගමුවේ සංජීව නොහොත් ගණේමුල්ල සංජීවගේ ඝාතනයෙන් පසු මේ වන විට අතුරුදන් කාන්තාව වෙඩි තැබීම සිදු වූ දිනට පෙර කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ වෙළෙඳසැලකින් සිම්පතක් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාව සහ වෙඩික්කරු වෙඩි තැබීම සිදු කළ පසුගිය 19 වැනිදාට පෙර දිනයේදී ලැගුම්ගෙන සිට ඇත්තේ වැලිවිට ප්‍රදේශයේ හෝටලයක් තුළයි.

නීතිවිරෝධී දුම්වැටි සමඟ මෙරට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි සමඟ මෙරට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

එහි සිටියදී වෙළෙඳසැල වෙත පැමිණි කාන්තාව ඇගේ නමට මෙම සිම්පත මිලදී ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

අතුරුදහන් වූ සෙව්වන්දි මිලදී ගත් සිම්පතක් ගැන අනාවරණයක් | Ganemulla Sanjeewa Murder Sevvandi

ඒ අනුව අපරාධය සිදු කිරීම සඳහා සන්නිවේදන කටයුතු සිදු කිරීම සදහා මෙම සිම්පත උපයෝගි කරගන්නට ඇති බවට සැකකරන පොලිසිය, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.   

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්