දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට
By Gagana News
බද්දේගම මද්දෙවිල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (27) රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත.
සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.
තුවාලකරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බද්දෙගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.