පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ගැන රජයෙන් විශේෂ තීරණයක්..!

Report

රජය මගින්,  පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ලබන වසරේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඊට පෙර අදාළ මැතිවරණ නිතී සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටයි අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇත්තේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, මෙම වසර සඳහා මැතිවරණ පැවැත්වීමට රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අතර, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට අදාළ වියදම් එම ප්‍රතිපාදනය තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවට අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගත් බවයි.

අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.