දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරු හෙට සිට වැඩ වර්ජනයක - GMOA
By Shani
දිවයින පුරා සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට (4) පෙරවරු 8.00 සිට වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද යන්න තීරණය කිරීම සඳහා මධ්‍යම කාරක සභාව හෙට රැස්වන බවයි.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල වෛද්‍ය සේවාවන් බෙහෙහුමට බලපෑම් එල්ල වීමට ඉඩ තිබේ.